ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනය වෙත නැවත සතියකට තුන්වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ 2023 අප්‍රේල් පළමු සතියේ සිට චීනය වෙත වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
එහිදී චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත මෙලෙස නැවත ගුවන් ගමන් ආරම්භ කරනු ඇත.
සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබේ.
කොළඹ සිට බීජිං දක්වා ගුවන් ගමන් ද 2023 අප්‍රේල් 3 වන දින ආරම්භ වන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි. කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාළ දිනවලට පසු දින සිදුවනු ඇත.
ශ්‍රීලංකන් දැනට කොළඹ සහ ගුවැන්ෂු අතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර දෙවන ගුවන් ගමන 2023 මාර්තු 4 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව ගුවැන්ෂු වෙත සතියේ සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම කොළඹ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ගුවැන්ෂු සිට කොළඹ දක්වා ආපසු ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා ක්‍රියාත්මක වනු ඇති.