Headlines

“මගෙ අප්පච්චි” අකිලගෙන් පියා ගැන සටහනක්.. ජැක්සන් ඇන්තනී ගැන සුබ ආරංචියක් ද?

හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ පහුගිය දවසක වුණු හදිසි අනතුරක් හේතුවෙන්.

ඉතාමත් බරපතල ලෙස රෝගාතුරව රෝහල්ගත කෙරුණු ඔහුගේ තත්වය පිළිබඳව දැනගන්න ඔහුට ආදරය කරන කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්. ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..

ඔහුගේ තත්ත්වය පිළිබඳව ඇන්තනී පවුලේ බාලයා වන සජිත අනුත්තර මෑතකදී පැවති හිරු කොපි චැට් වැඩසටහනකට පැමිණ කියා සිටියේ තමන්ගේ පියා ටිකෙක් ටික සුව වන බවයි.

කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පියා තම නළලත් සිඹින ඡයාරූපයක් පළ කර “මගෙ අප්පච්චි” යනුවෙන් සටහන් කර තිබුනා. අකිල මේ කියන්නට යන්නේ ඔහු ගැන සුබ ආරංචියක් ද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top