“පුතේ යන්න එපා..දෙන්න සල්ලි නැහැ” ශ්‍රී පාද වන්දනාවේ ගොස් මරු තුරුළේ සැඟවුණු සිසුවා

ශ්‍රී පාද වන්දනාවට ගොස් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සිසුවකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.17 හැවිරිදි ඔහුට ශ්‍රී පාද වන්දනාවට යෑම සඳහා නිවසින් මුදල් ලබා නොදුනද ඔහු ඉතා කැමැත්තෙන් ඊට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

“පුතේ සල්ලි දෙන්න නැහැ. ශ්‍රී පාදයේ යන්න එපා යැයි මවුපියන් කියද්දී, මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා” යැයිද මොහු පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගිය සිසුවා මීට පෙර අවස්ථා තුනකදී ශ්‍රී පාදයේ ගොස් ඇති බවත් හතරවැනි පාරට ගොස් එන අතරතුර මේ අවාසනාවන්ත සිද්ධිය වී ඇති බවත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top