රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සහනයක්

රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්‍රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු මේබව ප්‍රකාශ කළේ, දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

“රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලංකාවට අවශ්‍ය නිසා තමයි, අපි නැවත ගේන්න ඉඩක් දුන්නේ. හැබැයි ඒකට පාලනයක් තියෙන්න එපැයි. අපි දැම්මේ ඖෂධ නියාමන කොමිසමේ අනුමැතිය හෝ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගේන්න කියන එක. ඒ ආයතන දෙකෙන්ම අනුමැතිය ගන්න බැරි පිරිසක් මේ මැද්දේ මේ ප්‍රශ්නයට මුහුණදීලා තියෙනවා කියන එක අපි ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒක පිළිගත්තා. අපි දැක්කා. ඒ නිසා තමයි අපි ඒ මැද්දේ ඉන්න පිරිසට යම් පාලනයක් ඇතිව ගේන්න චක්‍රලේඛයක් නිකුත් කරන්න සුදානම්. අපි දැන් මේ වෙනකොට චක්‍රලේඛයක් සකස් කරමින් යනවා අතීතයේ ගෙනාපු අවශ්‍යතාවයෙන් හරි අඬක් හෝ ගේන්න ක්‍රමයක් අපි සලස්වන්න චක්‍රලේඛය අපි සකසමින් යනවා. රේගුව විසින් කන්ටේනර්ස් 4ක් රඳවාගෙන තියෙනවා අවසරයක් නැතුව. බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පාකිස්තානය, සිංගප්පූරුව, ඩුබායි හා චීනය වැනි රටවලින් ගෙනාපු රූපලාවණ්‍යයට අදාළ ද්‍රව්‍ය ආදිය. මෙතැන තියෙනවා කෝටි 5ක විතර ද්‍රව්‍ය. අපි අලුත් චක්‍රලේඛය නිකුත් කරන තුරු මේ ද්‍රව්‍ය ටික තරඟකාරී මිලට වෙළෙඳපොළට නිකුත් කිරීම තුළින් යම් ප්‍රමාණයකට අපිට මේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුමක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top