මංජුලා කුමාරි කිවුවහම ඇත්තටම මේ සුරූපිනිය පිළිබඳව ඕනිම කෙනෙක් දන්නවා කලාවටය ආධුනික චරිතයක් නෙමෙයි.එදා ඕලු ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේ වන විට අලුත්ම සිනමා නිර්මාණයක් එක්ක එකතු වෙලා තියෙනවා.ඒ සිනමා නිර්මාණය තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ. මේ නිර්මාණය තිරගත වෙන්න ආරම්භ කරලා සතියක් විතර යද්දි ඇයගේ යද්දි ඇයගේ රංගනයට වෙනදටත් වඩා නොහිතපු ආකාරයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලා මංජුලා සඳහන් කරනවා.
ඒ වගේම තමයි ඇය රංගනයට වගේ ම නර්තනයටත් දක්ෂ කලා තරුවක්. හැබැයි විවාහ වුණාට පස්සේ නම් ඇයව නිතරම පුංචි තිරයේ ටෙලි නිර්මාණවලින් දැකබලාගන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ.ඒකට හේතුව විවාහ ජීවිතය ටිකක් කාර්යබහුල වීම නිසා වෙන්න ඇති.ඇත්තටම මංජුලා මේ විදිහට පුංචි තිරයෙන් ඈත් වෙන්න හේතුව මොකක්ද කියලා අහපු අවස්ථාවකදී ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“ඇත්තටම නිර්මාණ භාර ගත්තේ භාරගත්තෙ නැහැ විශේෂ හේතුව නිර්මාණය කෙරෙන්නේ මෙගා ටෙලි නාට්‍ය.ඒ තුළ කොටස් දාහ දෙදාහ වශයෙන් සිදු කරනවා ඉතින් එතරම් කාලයක් ගත කරන්න මට හැකියාවක් නැහැ.මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා පුතාට අවුරුදු හතක් සහ දුවට අවුරුදු හතරක්.ඉතින් මම දැන් ඒ දෙන්නා එක්ක කාලය ගතකරන්න තමයි ගොඩක් කැමතියි එනිසා අඩු කාලයක් වැයවන නිර්මාණ වලට විතරයි සම්බන්ධ වෙන්නේ” මංජුල ඔන්න ඔය විදියට තමයි ඇය කලාවෙන් ටිකක් ඈත්ව ජීවත්වන එක පිළිබඳව අදහස් දැක්වූයේ.කෙසේ නමුත් නැවත වතාවක් දිගින් දිගටම ඇයව දකින්න ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම තමයි කාලෙකට පස්සේ රංගනයෙන් දායකත්වය දැක්වූ තට්ටු දෙකේ ඉස්කෝලේ ගැන අදහස් දැක්වූයේ මේ විදිහටයි. “ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා මේ නිර්මාණය තිරගත වීම ආරම්භ කළ තාම සතියක් වගේ.ඒ වෙද්දි ගොඩක් අය මේක බලල ඉවරයි ඉතින් මමත් බොහොම කැමැත්තෙන් රංගනයෙන් දායක වුණු නිර්මාණයක් තමයි මේ.පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේ තුළ ඉගෙන ගන්න දෙයක් තියෙනවා පරිසරයට ආදරේ කරන ළමා වැඩිහිටි සියලු දෙනා ඇවිල්ල නරඹන්න කියලත් කියලා මම ඉල්ලනවා” ඔන්න ඔය විදිහට තමයි ඇය තමන්ගේ නවතම කලා කටයුතු පිළිබඳව සති අග පුවත් පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.