
ගම්පොළදී ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 ක් අත්අඩංගුවට
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ