ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස රෝග කිහිපයක්ම මේ දිනවල පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි.