නොවැම්බරයේ දින 22ක් තුළ සංචාරකයින් 41,000 ක් ශ්‍රී ලංකාවට

 

2022 නොවැම්බර් මස මුල සිට 22 වනදා දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top