කළු දීලිර රෝගය වැළඳුණු ආසාදිතයින් 2,000ක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් අතර මෙන්ම කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ප්‍රාන්ත රජය පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

mucormycosis, යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික කළු දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

මෙම කළු දිලීර රෝගය පෙනහළුවලින් ආරම්භ වී ශරීරයේ අස්ථි හා අනෙකුත් පටකවලට පැතිරෙනු ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් අතර මෙන්ම කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top