මාස 9ක බිළිඳා ට අත් වූ අවාසනාවන්ත ඉරනම

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදුවු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරු ට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ අතර සිටි බිලිඳා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, බමුණුගෙදර, කුරුණෑගල පදිංචිකරුවන් පිරිසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top