අධිකරණය ඉදිරිපිටදී “යුටර්න් ගැසූවාට” චන්දිමාල් ජයසිංහ සහ රියැදුරු කෙසෙල්වත්ත පොලීසියට..

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා. ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ.

පසුගිය 31 වැනිදාකොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවති උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා.

ඔහු උසාවියෙන් බැහැරව යන අවස්ථාවේදී උසාවිය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ රථ වාහන වරදක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබුණේ.

චන්දිමාල් ජයසිංහගේ රියදුරා උසාවියෙන් බැහැරව යන අවස්ථාවේ උසාවිය ඉදිරිපස මාර්ගයේ බෙදීම් රේඛා හරහා රථය ධාවනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ චන්දිමාල් ජයසිංහ මේ වනවිට භාවිත කරන සුඛෝපභෝගී ජීප් රථය නිසි අයුරින් ඔහුවෙත පවරාගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top