සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ල තුළදී දින 27ක් තුළ දිපව්‍යාප්තව වැටලීම් 2,908ක් කර තිබේ. ඉකුත් මැයි 22දා සිට ජූනි 17දා දක්වා කළ වැටලීම්වලදී සුරාබදු ආඥ පනත යටතේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 202ක්, නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය / ප්‍රවාහනය / විකිණීම 92ක්, නීතිවිරෝධි ලෙස සාදන ලද මත්පැන් සන්තකය 1756ක්, නීතිවිරෝධි ලෙස මහ රා සන්තකය / ප්‍රවාහනය / විකිණීම 349ක්, නීතිවිරෝධි ලෙස රජයේ අරක්කු සන්තකය / ප්‍රවාහනය / විකිණීම 170ක්, නීතිවිරෝධි ලෙස විදේශ මත්පැන් සන්තකය / ප්‍රවාහනය / විකිණීම 58ක්, වෙනත් වැරදි 16ක් ලෙස මෙලෙස වැටලීම් කර තිබේ. අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 2908ක් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් සියලු දෙනාම සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර, ඉදිරියේදී දිවයින පුරා පිහිටි ඒ ඒ අධිකරණයන්හිදී එකී සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
