දුර්ලභ අවස්ථාවක් ලෙස බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ මවක් දරුවන් 9 දෙනෙකු බිහිකිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙම කාන්තාව ගැහැණු ළමයින් පස් දෙනෙකු සහ පිරිමි ළමුන් සිව්දෙනෙකු බිහි කර ඇති බව වාර්තා වී ඇත.25 හැවිරිදි “හාලිමා සීස” නම් මෙම මව සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවන් බිහි කර තිබෙන බව සඳහන්ය.කෙසේ වෙතත් මින් පෙර වෛද්‍යවරුන් අනාවරණ කරගෙන තිබුණේ දරුවන් හත්දෙනෙකු ඇගේ සිටින බවයි.එම දරුවන් 09 දෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.





