මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සියලුම සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්ථානය, පැපුවා නිවුගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව ඉදිරිපත් වනවා. මේ වන විටත් අදාළ සියලුම රටවල් සිය සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.
