
බොකුටු කොණ්ඩයත් කඩවසම් පෙනුමත් නිසාම බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටින ඔහු මේ වන විට ඉතාමත්ම සුන්දර සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. ඔහුගේ බිරිඳ වන දුලාත් නර්තන ක්ෂේත්රයේ උපන් හපන්කම් දක්වන සුරූපී තරුණියක්. ඔවුන් දෙපළට පුංචි පුතෙක් ද සිටිනවා. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ වන දුලා කියන විදිහට කැලුම් තමන්ගේ ආදරණීය සුරතල් පුතාට ඉතාමත්ම ආදරෙයිලු. මේ වන විට ඔවුන්ගේ මුළු ජීවිතයම වෙලා සිටින්නේ ඔවුන්ගේ ආදරණීය පුතා කියලා තමයි ඇය නම් කියා සිටින්නේ. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන්ගේ සුන්දර පවුල් දිවිය ගැන අදහස් දක්වල තිබුනෙ මේ විදියට.
” අපි හරිම ආදරණීය විදිහට අවබෝධයෙන් යුතුව තමයි අපේ පවුල් ජීවිතේ ගෙනියන්නෙ. මම හැමදාම කැලුම්ගෙන් අහනවා ඔයා මටද පුතාටද වැඩියෙන් ආදරේ කියලා. එය කියනවා දෙන්නටම කියලා. එයාට පුතා ලැබුණේ මම නිසානේ. ඒ හින්දා මට ආදරෙ කරන්න ඕනි. අපි දෙන්නගෙම ජීවිතේ අංක 1 අපේ පුතා. කැලුම්ගේ අම්මගෙන් මට ලොකු ආහයෝගයක් ලැබෙනවා බබා බලාගන්න. කැලුම්ට ඕනලු දුවෙක් හදන්න. ඉදිරියේදී ඒ ගැන හිතල බලනවා ඉතින්. “
ඉතිං මේ විදියට ඉතාම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඔවුන්ගේ සියලුම සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.