
රහස් කියන කඳු හැදූ මනුවර්ණට නෙදර්ලන්තයෙන් සම්මානයක්
නෙදර්ලන්යේ රොටර් ඩෑම් නුවර පසුගියදා පැවති 52 වැනි අන්තර් ජාතික සිනමා උළෙලේදී ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගැනීමට ජගත් මනුවර්ණ සමත් වුනා. ඒ “රහස් කියන කඳු” සිංහල චිත්‍රපටය වෙනුවෙන්. ජගත් මනුවර්ණ විසින් එය අධ්‍යක්ෂණය කළ අතර සම්මානය ලබාගත් ඔහු ඊයේ දිනයේදී දිවයිනට පැමිණියා.