
මෙරටින් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි
පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා. ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක්.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.