
නාවික හමුදාවේ 3770කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදුකර ඇත.