
රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නෙ කවදාද?
රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.