සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

  සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය…

Read More

බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට

  තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (09) දිනයේ දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

Read More

ශ්‍රී ලාංකිකයින් 303 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නවා

  ශ්‍රී ලාංකිකයින් 303 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නවා – විදේශ අමාත්‍යංශය වියට්නාම මුහුදේ අතරමංවී සිටියදී පෙරේදා බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා Ho Chi Minh හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබෙනවා. එම පිරිස ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත් වියට්නාම විදේශ අමාත්‍යංශය සඳහන් කළා. ඔවුන්ගේ ජාතිකත්වය…

Read More

මුතුරාජා ප්‍රතිකාර සඳහා තායිලන්තයට

  අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරයේ සිටින මුතු රාජා නමැති හස්තියා පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා. newsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සමයේ තායිලන්තයෙන් මෙරටට ඇතුන් දෙදෙනෙකු ලැබුණු අතර එක් ඇතෙකුයි මෙලෙස මුතුරාජා නමින් කන්ද විහාරයට පරිත්‍යාග කර ඇත්තේ.

Read More

තීරුබදු රහිත ව මෙරටට ගෙන්වූ කෘෂිරසායන තොගයක් සොයා ගැනේ

  තීරුබදු රහිත ව නීතිවිරෝධී ව මෙරටට ගෙන්වූ කෘෂිරසායන ද්‍රව්‍ය තොගයක් නොරොච්චෝලේ – ආලන්කුඩාව ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. මෙම කෘෂිරසායන ද්‍රව්‍ය තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව ආලන්කුඩාව ප්‍රදේශයේ දී කැබ්රථයක් ලුහුබැඳ ගොස් නවතා පරික්ෂා කළ අවස්ථාවේ දී යි මේවා සොයාගෙන ඇත්තේ. එහි පෙට්ටිවල අසුරන ලද කිලෝග්‍රෑම් 1,170ක් බරැති කෘෂිරසායන ද්‍රව්‍ය තොගය…

Read More

නිසි මිලක් ලැබෙන තුරු වී අලෙවි නො කිරීමට අනුරාධපුර ගොවින් තීරණය කරයි

  යල කන්නයේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන තුරු තමන් සතු වී තොග අලෙවි නො කිරීමට අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් තීරණය කර තිබෙනවා. ඇතැම් වෙළෙඳුන් වී කිලෝවක් රුපියල් 80ත් 30ත් අතර මිලකට මිල දී ගැනීමේ උත්සාහයක් පවතින බව යි ගොවීන් චෝදනා කළේ.

Read More

මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද වාර්තා වෙයි

  මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ. දැනට අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන්.

Read More

බිත්තර මිල ඉහළ දැමීමට ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් අවසර

  බිත්තර මිල ඉහළ දැමීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව අවසර ලබා දුන් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් මේ බව සඳහන් කළේ අභියාචනාධිකරණය හමුවේ ඔවුන් ගොනුකර ඇති නඩුව ඊයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර…

Read More

වනිදු අංක එකට

   ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්. එහි දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇති අතර ඕස්ටේ්‍රලියාවේ ජොෂ් හසල්වුඩ්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි. මීට පෙර ද එක් අවස්ථාවක…

Read More

ඊලොන් මස්ක්ගේ වත්කම අඩු වෙයි

  ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී තිබෙනවා. ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊලෝන් මස්ක්ගේ මේ වනවිට වත්කම ඩොලර් බිලියන 195ක්.  

Read More
Back To Top